අකුරු පොඩි වැඩිනම් ලොකු කරගන්න

Thursday, October 27, 2011

ඔබේ පරිගණකයටත් කළු පෙට්ටියක්.......



ඔන්න මං හිතුවා මට හම්බවුනු නියම ටූල් එකක් ඔයාලටත් දෙන්න..
මේකේ නම Black Box.


 ප්ලේන් එකේ තියෙන කළු පෙට්ටිය ගැන මතක් වුනාද?
මේකත් එහෙම එකක් තමයි. මේකෙන් අපේ කොම්පියුටරේ සියළුම රහස් බලා ගන්න පුළුවන්.
මේකට මම වැඩියෙන්ම කැමති මේක පෝර්ටබල් එකක් නිසා. ඉන්ස්ටොල් කරන්න නෑ. ඇක්ටිව් නෑ.ක්‍රැක් නෑ. සරළයි සුගමයි.

වැඩිකිඩ ටික බලා ගන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්නම්


 මේක බාගන්න මෙතන ක්ලික් කරන්න. එහෙම නම් මේක ගැන හිතන දේත් පොඩ්ඩක් පහලින් දාලා යන්න හොදේ

Shaolin - බුදු දහම සදාතනිකයි


ඔන්න ඉතින් මාත් බලපු හොද ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.
මේක බුදු දහම හා බැදුනු කතාවක්. චීනයේ සටන් කලාව බැදිලා තියෙන්නේ ශ්‍රමණ ආශ්‍රමත් එක්ක කියලා දන්නවා ඇතිනේ. ඉතින් මේ ෂැඔලින් කියන්නේ ඒ වගේ සටන් කලාවත් එක්ක බැදුණු ශ්‍රමණ ආශ්‍රමයක් ආශ්‍රිත කතාවක්. ෆයිට් නම් සුපිරි...

කතාව පොඩ්ඩක් කිව්වොත් මේ කාලේ වෙන කොට චීනයේ හිටියේ ප්‍රාදේශිය පාලකයෝ. නිතරම මේ පාලකයෝ අතරේ සටන් ඇතිවුනා. ඔය කාලේ වෙන කොට මේ කියන ෂැඔලින් ආශ්‍රමය වටා සරණාගතයෝ රැස්වෙලා හිටියා.මේ වගේ යුද්ධෙකදි පැනලා යන නායකයෙක් මේ ෂැඔලින් ආශ්‍රමය ඇතුලේ මහණුන්ගෙන් ප්‍රතිකාර ලබන අතරේ හාවෝ ජීන් කියන නායකයා එයාව ආශ්‍රමය ඇතුලෙම මරනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ සෑහෙන්න ලොකු වෙනසක් වෙනවා. අන්තිමට එයත් මහණ වෙනවා. ඔය කාලය තුල එයාට ගොඩක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා....

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය බෙනි චෑන්ගේ. 
චිත්‍රපටිය පැය 2කුත් විනාඩි 11ක් ධාවන කාලයකින් යුක්තයි
ඔයාලට බාගන්න මෙතනින් ගන්න. ටොරන්ට් හැටියට තියෙන්නේ. ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි..

වැඩක් වුනා නම් කමෙන්ට් එකක් දාලා එහෙම යන්න ඈ 

සිංහලෙන් හිතන්න. සිංහලෙන් ලියන්න


Posted by Picasaඅපේ සමහර අයට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි සිංහල පෙන්නනවා වුනාට ලියන්න බෑ.අපේ ගූගල් අයියලා දීලා ඒකට තියෙනවා හොද විසදුමක්. ඒ තමයි Sinhala ime එක. ඒක දාගත්තාම අපිට සිංග්ලිෂ් වලින් ලියන්න පුළුවන්. ඒත් සමහරු දාගෙන ඉන්න යුනිකොඩ් පැක් වලින් සිංග්ලිෂ් ලියන්න දෙන්නේ නෑ

එහෙම වෙලාවට පාවිච්චි වෙන්නේ විජේසේකර යතුරු පුවරුව හරි කැන්ඩි නිව් හරි තමා
විජේසේකර යතුරු පුවරුවේ යතුරු පිහිටලා තියෙන්නෙ මෙහෙමයි

මේකෙන් ටයිප් කරන්න සිංහල ‍ෆොන්ට් වුවමනා වෙන්නෙ නෑ..ඒත් සිංහල ෆොන්ට් ඕන අය මෙතනින් ගන්න

හරි එහෙමනම් මම කැපුනා නැවතත් වටින කියන පෝස්ට් එකකින් හමුවන තුරු. පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න

Wednesday, October 26, 2011

ඇවාස්ට් 6වෙනි සංස්කරණය



ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා වෙන එකකට මාරු වෙන්න හිතුවා.
වැඩි කතා ඕනෙ නෑ.මෙතනින් ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකුරිටි එක බාගන්න පුළුවන්.
පොඩි පරහකට හිටින්නේ ඕක දවස් 30න් එක්ස්පයර් වෙනවා.
දැන් මොකද කරන්නේ?
හිතුවේ ඔයාලටම හොයාගන්න වෙයි කියලා නේ
නෑ නෑ මෙන්න ඒකට විසදුම
මෙතන තියෙනවා ඒකට හරියන ලයිසන් ෆයිල්ස්
තියෙන්නේ ZIP ෆයිල් එකක් හැටියට. ඒක නිසා Extract කරගන්න
ඊට පස්සේ ඇවාස්ට් ඒකේ වම් අත පැත්තේ තියෙන Maintenance කියන ටැබ් ඒකේ  Subscriptions ටැබ් එකට යන්න. ඒකේ තියෙනවා Insert license File බට්න් එකක් ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකෙන් බ්‍රවුස් කරලා ලයිසන් එකක් සිලෙක්ට් කරලා දෙන්න
මෙන්න ස්ක්‍රීන්ෂොට් එක

ඉතින් මේක වැඩක් වුනානම් මෙව්වා එකක් දාලා යන්න හොදේ

Tuesday, October 25, 2011

ඉන්ටර්නෙට් ලිමිට් එක හීලෑකරගන්න

මම අද ගෙනාවා ලිමිටඩ් කනෙක්ෂන් භාවිතයෙන් ඉන්ටර්නෙට් යන අපේ සහොදරයන්ට වැදගත් පොඩි ටූල් එකක්.මේකේ නම Networx. මේක Freeware එකක්.ඒක නිසා ඇක්ටිව් කරන්න ක්‍රැක් කරන්න ඕන නෑ...

මේකේ තියෙන වැඩකිඩ මෙහෙමයි
  • ඉන්ටර්නෙට් ස්පීඩ් එක මැන ගන්න පුළුවන්
  • මෙතෙක් භාවිතා වුනු දත්ත ප්‍රමාණය මැන ගන්න පුළුවනු
    • මේ වාරයේ
    • අද දවසේ
    • මාසයේ වශයෙන්
  • ක්වොටා එකක් ගන්න පුළුවන්
  • IP Trace කරන්නත් පුළුවන්
ඔන්න ඉතින් මේ මෙසේරම කරන එක මෙතනින් ගන්න පුළුවන්..
ස්ක්‍රීන්ෂොට්ස් ටිකකුත් දාන්නම් වැඩ කරන හැටි තේරෙන්නත් එක්කම




ඉතින් මේක කියෙව්වනම් වැඩක් වුනානම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලාම යන්න